Thursday, 30 September 2021

Enrollment of New Students for the Advanced Level Classes 2021 (අ.පො.ස. උසස් පෙළ නවක සිසුන් ඇතුළත් කර ගැනීම 2021) - Online Registration (මාර්ගගත ලියාපදිංචිය) - Enabled (සක්‍රීය කර ඇත!)

විශේෂ නිවේදනයයි!

(උපදෙස් සියල්ල හොඳින් කියවන්න.)

    2021 වර්ෂයේ උසස් පෙළ පන්ති සඳහා, ගම්පොල වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තු වන සියළුම සිසු සිසුවියන් මාර්ගගත (Online) ආකාරයට ලියාපදිංචි (Register) වීම අනිවාර්යය වන අතර, අතින් පුරවන ලද අයදුම්පත්‍රය 2021/10/18 දින හෝ ඊට ප්‍රථම පාසලට ලැබෙන ලෙස තැපැල් මගින් යොමු කරන්න.

    මාර්ගගත ආකාරයට ලියාපදිංචි වීම සඳහා වූ පද්ධති වල Links සියල්ලම පහත සඳහන් කර ඇත. එම Links භාවිතයෙන් ඔබගේ මාර්ගගත ලියාපදිංචි වීම සම්පූර්ණ කරන්න.

    මාර්ගගත ආකාරයට ලියාපදිංචි වීම සඳහා ඔබට වලංගු Gmail ගිණුමක් තිබීම අනිවාර්යය වන අතර, එම ගිණුමට අදාළ විද්‍යුත් තැපැල් ලිපිනය (Email Address) භාවිත කරමින්, දී ඇති උපදෙස් හොඳින් කියවා අවශ්‍ය තොරතුරු නිවැරදිව ඇතුළත් කර ලියාපදිංචි වන්න.

    පාසලේ පවතින A/L ICT විෂයයට අදාළ පහසුකම් සීමිත වීම හේතුවෙන්, තම තෙවැනි විෂයය ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ඉල්ලුම් කරන සිසුන් සියළු දෙනා හට එම විෂයය හැදෑරීමට අවස්ථාව ලබා දිය නොහැකි අතර, සිසුන් 30 ක උපරිමයකට යටත්ව පමණක් අධ්‍යයන කටයුතු සිදු කළ හැකිය. ICT විෂයයට අදාළ සාමාන්‍ය ඉල්ලුම්කරුවන් ගණන 60 - 100 ත් අතර නිසා සිසුන් තෝරාගැනීමේ විභාගයක් මගින් පමණක් ICT විෂයය හැදෑරීම සඳහා අවස්ථාව ලබා දෙනු ලැබේ.

 

 ඉතා වැදගත්: 

    ඔබට මාර්ගගත ආකාරයට ලියාපදිංචි වීම සඳහා අවස්ථාව ලබාදෙන්නේ එක් වරක් පමණක් බැවින්, ලියාපදිංචිය සම්පූර්ණ කිරීමට පෙර, ඇතුළත් කළ තොරතුරු සියල්ල නිවැරදි බවට වෙනත් අයෙකු ලවා තහවුරු කර ගන්න. එක් වරක් ලියාපදිංචිය සම්පූර්ණ කළ කිසිවෙකුට, පද්ධතිය මගින් නැවත ලියාපදිංචි වීමට අවස්ථාව දෙනු නොලැබේ.

    එමෙන්ම, මාර්ගගත අයදුම්පත්‍රයේ සපයන තොරතුරු සහ ඔබගේ ලිඛිත අයදුම්පත්‍රයේ සපයන තොරතුරු එකිනෙකට සමාන විය යුතුය. අයදුම්පත්‍ර වල එකිනෙකට වෙනස් තොරතුරු සැපයීම හරහා ඔබට සිදුවන අපහසුතා පිළිබඳව, කිසිසේත්ම අප වග කියනු නොලැබේ.


Advanced Level Students Online Registration 2021 - උසස් පෙළ  පන්ති සඳහා මාර්ගගත ශිෂ්‍ය ලියාපදිංචිය 2021

    ලියාපදිංචි වීමට පෙර පහත උපදෙස් හොඳින් කියවන්න. මෙම ක්‍රියාවලිය පිටු 4 කින් සමන්විත වේ. මුලින්ම ඔබේ ජීමේල් ගිණුමට ප්‍රවේශ (Sign In) වී සිටිය යුතුය.

  1. ඔබගේ අංශයට අදාළ වෙබ් ලිපිනය (web address) වෙත පිවිසෙන්න (එක් එක් වෙබ් ලිපිනය පහත සඳහන් කර ඇත). "Autosave Your Work" පණිවිඩය දිස් වේ නම් "Okay" කරන්න.
  2. ඔබේ ජීමේල් (gmail) ගිණුමට අදාළ ඊමේල් ලිපිනය (email address) නිවැරදිව ඇතුළත් කරන්න. අක්ෂර වින්‍යාසය පිළිබඳව ඉතා සැළකිලිමත් වන්න.
  3. ඉල්ලා ඇති තොරතුරු නිවැරදිව යතුරු ලියනය (type) කරන්න.
  4. පළමු පිටුවේ තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු, Next බොත්තම භාවිතයෙන් ඊළඟ පිටුව වෙත යන්න.
  5. ඔබේ පළමු වර සහ දෙවන වර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල වලට අදාළ තොරතුරු නිවැරදිව සඳහන් කරන්න.
  6. දෙවන පිටුවේ තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු, Next බොත්තම භාවිතයෙන් ඊළඟ පිටුව වෙත යන්න.
  7. ඔබේ උසස් පෙළ විෂයයන් ට අදාළ තොරතුරු නිවැරදිව සඳහන් කරන්න.
  8. තුන්වන පිටුවේ තොරතුරු ඇතුළත් කිරීමෙන් පසු, Next බොත්තම භාවිතයෙන් ඊළඟ පිටුව වෙත යන්න.
  9. ඔබේ පෞද්ගලික තොරතුරු සඳහන් කර, ඇතුළත් කළ තොරතුරු නිවැරදි බවට සනාථ කිරීමට ඔබේ මුලකුරු සමග නම යතුරු ලියනය කරන්න. ලියාපදිංචිය Submit බොත්තම භාවිතයෙන් සම්පූර්ණ කිරීමට පෙර, Back බොත්තම භාවිතයෙන්, ඇතුළත් කළ තොරතුරු නිවැරදි බවට තවත් අයෙකු ලවා තහවුරු කරගන්න. අවසානයේ Submit බොත්තම මත ක්ලික් කරන්න.
  10. සමහර විට, කිසියම් දෙයකට අදාළ රූප සමූහයක් තේරීමට ඔබට සිදුවිය හැකිය. එහිදී දැක්වෙන උපදෙස් අනුව ඒ වර්ගයට අයත් රූප සමූහය තෝරන්න. ලියාපදිංචිය සාර්ථක නම් "Your Response Recorded" වැනි පණිවුඩයක් ඔබට දිස් වනු ඇත.
    ඔබ අප වෙත එවූ තොරතුරු වල පිටපතක්, ඔබ ලබා දුන් ඊමේල් ලිපිනයට ස්වයංක්‍රීයව යොමු කෙරෙනු ඇත. ඊමේල් ලිපිනය යතුරු ලියනයේදී දෝෂ සිදුවී ඇත්නම් එය ඔබට නොලැබී යනු ඇත. ලියාපදිංචි වීම සම්බන්ධ කිසියම් ගැටළුවක් ඇත්නම් එය පැහැදිලිව wickramabahuict@gmail.com ඊමේල් ලිපිනයට යොමු කරන්න.
 
සැලකිය යුතුයි:
ඔබ ලබා දෙන WhatsApp අංකයට, A/L ICT විෂයය ඉල්ලුම් කරන සිසු සිසුවියන්ට, ICT තෝරාගැනීමේ විභාගය පැවැත්වෙන දිනය, විභාගයේ ස්වභාවය හා විභාගයේදී ඔබගේ දැනුම පරීක්ෂා කෙරෙන පාඩම් මාලාව අනාගතයේදී දැනුම්දෙනු ලැබේ. සාමාන්‍යයෙන් විභාගය පැවැත්වීමට දින 3 - 4 කට පමණ පෙර ඔබට ඒ බව ඔබට පෞද්ගලිකව දන්වනු ලැබේ.
 
Registration Links for Each Section (එක් එක් අංශයේ ලියාපදිංචි වීමට අදාළ වෙබ් ලිපිනයන්)

1. විද්‍යා අංශය
 
A/L 2023 - Students Registration (Science Section)


2. වාණිජ අංශය
 
A/L 2023 - Students Registration (Commerce Section)


3. කලා අංශය
 
A/L 2023 - Students Registration (Arts Section)
 
 
4. තාක්ෂණවේද අංශය
 
A/L 2023 - Students Registration (Technology Section)

Enrollment of New Students for the Advanced Level Classes 2021 (අ.පො.ස. උසස් පෙළ නවක සිසුන් ඇතුළත් කර ගැනීම 2021) - Online Registration (මාර්ගගත ලියාපදිංචිය) - Enabled (සක්‍රීය කර ඇත!)

විශේෂ නිවේදනයයි! (උපදෙස් සියල්ල හොඳින් කියවන්න.)      2021 වර්ෂයේ උසස් පෙළ පන්ති සඳහා, ගම්පොල වික්‍රමබාහු මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වීමට බලාපො...